Vision 2020

Vision 2020 ලෝක සෞඛ්ය සංවිධානය (WHO) සහ අන්ධභාවය වැළැක්වීමේ ජාත්යන්තර නියෝජිතායතනය (IAPB) විසින් 1999 දී හඳුන්වා දෙන ලද ජාත්යන්තර වැඩසටහනකි. එතැන් සිට එම වැඩසටහන ජාත්යන්තරව ක්රියාත්මක කිරීම පිණිස ලොව පුරා සිටින ජාත්යන්තර හවුල්කරුවන්ට දැනුම සහ මග පෙන්වීම ලබා දීම සිදු කරන ලදී . ශ්රී ලංකාවේ  සෞඛ්ය අමාත්යාංශය එම වැඩසටහනට නායකත්වය දෙන අතර ජාතික සෞඛ්ය සේවා පද්ධතියට වටිනාකමක් එක් කරන තිරසාර වැඩසටහනක් ක්රියාත්මක කිරීමට රාජ්යපෞද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කරයි.  

එහි ප්රවේශය තුළින් දේශීය ප්රජාවන්ට වටිනාකමක් එක් කිරීමේ සමස්ත අරමුණ ඇතිව, Dialog විසින් 2015 දී VISION 2020 වැඩසටහන සමඟ හවුල් වී මෙම අක්ෂි කඳවුරු රට පුරා ක්රියාත්මක කිරීමට පටන් ගත් අතර එතැන් සිට දළ වශයෙන් රුපියල් මිලියන 14.8 ක් ආයෝජනය කර ඇති අතර, එය රට පුරා අක්ෂි කඳවුරු 28 ක් වෙනුවෙන් තම දායකත්වය ලබා දෙන ලදී. අඩු ආදායම්ලාභී පුද්ගලයින් 20,930 කට අධික සංඛ්යාවකගේ අක්ෂි පරීක්ෂාවට ලක් කොට  දිස්ත්රික්ක 23 අක්ෂි අබාධ සහිත පුද්ගලයන් හදුනා ගෙන ඔවුන් වෙනුවෙන්ම අනන් ලෙස සකස් කරන ලද ඇස් කණ්ණාඩි 18,140 ක් නොමිලේ බෙදා දෙන ලදී.

අක්ෂි සායන, Dialog Axiata PLC හි සමූහ තිරසාර අංශය විසින් ඒකාබද්ධව සම්බන්ධීකරණය කර සංවිධානය කරනු ලබන අතර, කලාපීය විකුණුම් කණ්ඩායම්වල සහය ඇතිව, සහතිකලත් අක්ෂි වෛද්යවරුන් කණ්ඩායමක් විසින් විස්තීරණ පරීක්ෂණ පවත්වනු ලබන අතර, අවසානයේ අවශ්ය තොරතුරු සැපයීමේ වගකීම Dialog කණ්ඩායම භාර ගනී. විෂන් 2020 සමහ සන්ධාන ගත වූ  දෘෂ්ටි විශේෂඥයින් ඇස් කණ්ණාඩි සූදානම් කරයි. මේ හරහා ප්රතිලාභීන්ට ඔවුන්ගේ නිශ්චිත අවශ්යතාවලට සරිලන පරිදි අනන් ලෙස සාදන ලද ඇස් කණ්නාඩි ලැබෙන අතර අමතර ප්රතිකාර ලබා දීමට අවශ් අබාධ සහිත අයවලුන් විශේෂිත අක්ෂි සායන හෝ අක්ෂි ශල්ය වෛද්යවරුන් වෙත යොමු කෙරේ

විෂන් 2020 ව්යාපෘතිය 2021 වසරේනේත්රාලෙසින් නම් කර ඇති අතර අක්ෂි කඳවුරු සහ ආශ්රිත දැනුවත් කිරීම් සියල්ල මෙම නමින් සිදු කෙරේ. නේත්රා ගොවි මිතුරු, පෙට්රලෙක්ස් සහ සයුරු වැනි අනෙකුත් තිරසාර ව්යාපෘති සමඟ සමපාත වන අතර පහත අරමුණු සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනු ඇත.

  • ශ්රී ලංකාව තුළ දැනුවත් කිරීම මගින් වළක්වා ගත හැකි අන්ධභාවය පිටු දැකීම
  • ඩයලොග් තම පාරිභෝගික ජනතාව වෙත තම කෘතවේදීත්වය පල කිරීම සහ ඔවුන් තවදුරටත් අප හා සම්බන්දකොට තබාගැනීම වෙනුවෙන් .
  • දුෂ්කර ප්රදේශ වල ජනතාව වෙත සමීප වීම සඳහා මාධ්යක් ලෙස.

Vision 2020 eye Camp – Kantale

Vision 2020 eye Camp – Serunuwara

Vision 2020 eye Camp – Monaragala

Vision 2020 eye Camp – Suriyawewa

Vision 2020 eye Camp – Dehiyathakandiya

Share this post