අප්‍රේල් 21 ඛේදවාචකය වෙනුවෙන් දියත් වන මනුදම් මෙහෙවරට අප හා එක්වන්න ඔබට ආරාධනා

ශිරාන් ප්‍රියජනක – අධ්‍යක‍ෂ ප්‍රයිස්වෝටර්හවුස්කූපර්, වෛද්‍ය වින්යා ආරියරත්න – සභාපති සර්වෝදය, සුපුන් වීරසිංහ- සමූහ ප්‍රධාන විධායක ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ආචාර්ය ධනන් සේනාධිරාජා – ජාතික අධ්‍යක‍ෂ වර්ල්ඩ් විෂන් යන මහත්වරුන් විසින් අදාළ අවබොධතා ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව.

රුපියල් මිලියන 100 ක් දක්වා ඩයලොග් විසින් ඔබේ ආධාරය දෙගුණ කරයි

පුද්ගලයන් 253 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින්, තවත් සිය ගණනකට තුවාල සිදුකරමින් 2019 අප්‍රේල් 21වැනිදා සිදුවූ බරපතල ඛේදවාචකයට ගොදුරුවූවන්ට උපකාර කිරීම පිණිස එක්වන මෙන්, ඩයලොග් ආසියාටා පීඑල්සී විසින් අනුග්‍රාහකත්වය දක්වන ‘ඩයලොග් පදනම’ විසින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනු ලබයි.

මෙහිදී රුපියල් මිලියන 100ක උපරිමයක් දක්වා, මේ වෙනුවෙන් ඔබ විසින් ලබාදෙන ආධාර මුදල එමෙන් දෙගුණයක් කර, අදාළ අරමුදල වෙත දායක කිරීමට ඩයලොග් විසින් කටයුතු යොදා ඇති අතර, ඉකුත් සතියේ සිදුවූ එම ඛේදවාචකයේ බලපෑමට ලක්වූ පවුල් 250ක මනෝ – සමාජීය පුනරුත්ථාපන සහාය ලබාදීමට සහ දරුවන් 500 කගේ පාසල් අධ්‍යාපනය සඳහා තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම පිණිස ඔබගේ කාරුණික දායකත්වය යෙදවෙනු ඇත.

ඩයලොග් පදනම විසින් මෙම වැඩසටහන සර්වෝදය සහ වර්ල්ඩ් විෂන් ලංකා යන ආයතන සමඟ එකතුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, විගණන ආයතනයක් වන ප්‍රයිස්වෝටර්හවුස්කූපර් විසින් මෙහි ක්‍රියාකාරකම් සහ වියපැහැදැම් ආදිය පිළිබඳව ස්වාධීන විගණන ආයතනය ලෙසින් අධීක‍ෂණයට ලක්කරනු ලබයි.

Dialog පාරිභෝගිකයන් හට, මෙම සත්කාරය වෙනුවෙන් ආධාර කිරීමේ මාර්ග කිහිපයක් විවෘත කර ඇත. https://www.dialog.lk/donate/ වෙත පිවිසීමෙන්, #7700# dial කිරීමෙන්, 0766421421 අංකය Top-Up කිරීමෙන් ඕනෑම මුදලක් පරිත්‍යාග කළ හැක.

රුපියල් 100 ක් පරිත්‍යාග කිරීමට DON ටයිප් කර 7700 ට SMS කළ හැක. මෙයට අමතරව Star Points පරිත්‍යාග කිරීමට #141*5*7# dial කිරීමෙන්ද, Genie සහ eZ Cash හරහා ආධාර කිරීමටද පහසුකම් සලසා ඇත.මෙම සත්කාරය සඳහා වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය ආධාර ලබාදීමට https://www.dialog.lk/donate/ වෙත පිවිසීමෙන්, 0766421421 අංකය Top-Up කිරීමෙන් ද, eZ Cash හෝ Genie ඇප් හරහා පහසුකම් සලසා ඇත.

Share this post