නැණස Smart School

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය  ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීමේ අරමුණින් 2017 දී ආරම්භ විය . ව්යාපෘතියේ පළමු අදියර 2021 අප්රේල් මස අවසාන වන  විට මධ්යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලින් පාසල් 153කට ඇතුළත් කර තිබුණි. අධ්යාපන අමාත්යාංශයේ මගපෙන්වීම යටතේ සහ ඒ ඒ පළාත් අධ්යාපන දෙපාර්තමේන්තු සමඟ සහයෝගයෙන්  Headstart (Pvt) Ltd ආයතනය විසින් මෙය මෙහෙයවීම සිදු කරන ලදී. ආරම්භයේ දී, තෝරාගත් ගුරුවරුන් කිහිප දෙනෙකුට නියෝජිත  ගුරුවරුන් බවට පත් කිරීම  සඳහා පුහුණු වැඩසටහන් පවත්වන ලදී. ඉන්පසුව නියෝජිත  ගුරුවරුන්ට ඔවුන්ගේ කුසලතා සහ දැනුම ඔවුන්ගේ පාසල්වල සිටින අනෙකුත් ගුරුවරුන්ට ලබා දීම හරහා ඉතා ඉක්මණි දැනුම් ප්රේෂණයක් කිරීමට හැකි විය එමගින් අඩු කාලයක් තුල පාසල් තුලට ඩිජිටල් කරණය සඳහා වූ දැනුම කාන්දු කිරීමට හැකි විය .

පසුව ඔවුන් තම දැනුම බෙදාහදා ගැනීමටත්, ‘සුහුරු පාසල් අගය ‘ සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ පාසල්වල සිසුන්ට සහ සගයන්ට මඟ පෙන්වීමත් මෙම වැඩසටහන හරහා අපේක්ෂා කරන ලදී. 2017 නොවැම්බර් මස ආරම්භ කරන ලද මෙම ව්යාපෘතියට බස්නාහිර සහ දකුණු පළාත්වලින් තෝරාගත් පාසල් 100ක් සම්බන්ධ විය. 2018 වසරේ මධ්යම සහ සබරගමුව පළාත්වලින් තවත් පාසල් පනස් තුනක් එකතු කරන ලද අතර, මූලික පාසල් 100 කටයුතු දිගටම අඛණ්ඩව පවත්වා ගන්නා ලදී .  මෙම ව්යාපෘතිය ඉගෙනීම් සහ ලැබුණු ප්රතිපෝෂණ මත පදනම්ව අඛණ්ඩ දියුණුවට ලක් වූ අතර නීල්සන් සමීක්ෂණයන්ට භාජනය කරන ලද අතර , එමඟින් ගුරුවරුන් සහ සිසුන් යන දෙයන්ශයම  ඩිජිටල් ඉගැන්වීම්-ඉගෙනීමේ කුසලතා සහ ආකල්ප ඇති කිරීමට ව්යාපෘතිය ඉතා ඵලදායී බව පෙන්නුම් කළේය. .

වත්මන් අධ්යාපන පරිසරය සහ Covid-19 වසංගතයේ බලපෑම් සැලකිල්ලට ගනිමින් වැඩසටහනේ තීරණාත්මක සාර්ථක සාධක හඳුනාගෙන, Dialog සහ අධ්යාපන රාජ්ය අමාත්යාංශය මේ වන විට දිවයින පුරා ගුරුවරුන් වෙත මෙම වැඩසටහන ව්යාප්ත කිරීමේ මාධ්යයන් ගවේෂණය කරමින් සිටී.

Share this post