රත්මලාන ශ්‍රව්‍ය කථන චිකිත්සක  මධ්යස්ථානය

ශ්රවණාබාධ,  කථන ආබාධ පිළිබඳ ආන්තික ගැටලු විසඳීම සඳහා Dialog හි දීර්ඝ කාලීන කැපවීම රත්මලාන ශ්‍රව්‍ය කථන චිකිත්සක  මධ්යස්ථානය (RAC) මගින් මූර්තිමත් කරයි. මෙම ලාභ නොලබන සමාජ ව්යවසාය ශ්රවණ හා කථන පරීක්ෂණ සහ ප්රතිකාරවල විශිෂ්ටතම මධ්යස්ථානයක් වීමෙන් එහි ආරම්භක අභිලාෂයන්  ඉටු කර ඇති අතර අභියෝගාත්මක කඩඉම් ඉතා සාර්ථකව ජය ගෙන ඇත 

මෙම ශ්‍රවන හා කථන  මධ්යස්ථානය  රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත  දරුවන්ගේ පාසල සමඟ එක්ව ක්රියාත්මක වේ.  එහි මෙහෙවරේ කොටසක් ලෙස පාසලේ සිසුන් සඳහා නිතිපතා නොමිලේ පරීක්ෂණ සහ කථන චිකිත්සාව සපයයි. මෙම මධ්යස්ථානයේ කාර්යන් අතරට  රජයේ කන නාසය උගුර විශේෂඥ වෛද්යවරුන් නිර්දේශ කරන පරීක්ෂාවන් මහජනතාවට නොමිලේ කරගැනීමේ පහසුකම් ලබා දීමද සිදුවේ. RAC ආරම්භයේ සිටම ඩයලොග් සමාගම රුපියල් මිලියන 70කට අධික මුදලක් ඒ සඳහා ආයෝජනය කර ඇත. 2020 වන විට රත්මලාන ශ්‍රවන හා කථන  මධ්යස්ථානය පසුගිය වසර 12 තුළ සිය සේවාලාභීන් 100,000 කට අධික සංඛ්යාවක් වෙත සිය සේවාවන් ලබා දී ඇත.

මෙම තිරසාර මෙහෙයුම් ආකෘතිය RAC හට එහි කාර්ය මණ්ඩලයේ වැටුප් ඇතුළුව එහි මෙහෙයුම් සහ පරිපාලන වියදම් පියවා ගැනීමට හැකියාව ලබා දෙයි. මෙම ආයතනය රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල විසින් කළමනාකරණය කරනු ලබන අතර එම පාසලේ සිසුන්ට ශ්රවණ පරීක්ෂණ සහ කථන චිකිත්සක සේවාවන් නොමිලේ ලැබේ. මේ අතර, එහි සමාජ වගකීම් ක්‍රියා පටිපාටියට  අනුකූලව, රජයේ ENT වෛද්යවරයෙකුගේ හෝ ග්රාම නිලධාරීවරයෙකුගේ නිර්දේශයකට යටත්ව , RAC අඩු ආදායම්ලාභීන් සඳහා ශ්රවණ පරීක්ෂණ නොමිලේ පවත්වනු ලැබේ. මීට අමතරව, අලුත උපන් බිළිඳුන් සඳහා නොමිලයේ නව ජන්ම පිරික්සුම් පරීක්ෂණ අවට රජයේ රෝහල්වල සිදු කරනු ලැබේ මෙයින් ප්රධාන වශයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කළුබෝවිල සහ පානදුර කේතුමතී මාතෘ රෝහල ට අමතරව මෙම සේවාව රත්මලාන ශ්‍රවන හා කථන මධ්‍යස්ථානය හරහා අවට සිටින ජනතාවට ලබාගත හැක .

මෙම මධ්යස්ථානය විසින් විශේෂ අවශ්‍යතා පාසලේ දෙමාපියන්, ගුරුවරුන් සහ උපදේශිකාවන් සඳහා නොමිලේ වැඩමුළු සපයන අතර දිවයින පුරා පිහිටි අනෙකුත්වි ශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ  පාසල්  සඳහා ද සහාය වේ. විශිෂ්ටතා මධ්යස්ථානයක් ලෙස, RAC විසින් කැලණිය විශ්වවිද්යාලයේ ශ්රව්ය විද්යාව සඳහා වන සායනික පුහුණු වැඩසටහන සඳහා ස්ථානගත කිරීම් ද සපයයි. RAC හි සම්බන්ධ වීමෙන්, ශ්රවණය, පෙනීම සහ කථන ආබාධ වැනි ආන්තික ගැටළු විසඳීමට Dialog හි කැපවීම පිළිබිඹු වන අතර, අවසානයේ එවැනි කාරණා රටේ ප්රධාන ධාරාවේ සෞඛ්ය පද්ධතියට නගා සිටුවීමට  හේතු වේ.

Contact Information

info@giftofsound.lk
(+94) 0117 307 308
(+94) 0117 451 615
(+94) 0117 451 616
Visit Website

Share this post