Dialog කුසලතා ශිෂ්යත්ව

2003 වසරේ ආරම්භ කරන ලද Dialog කුසලතා ශිෂ්යත්ව වැඩසටහන මඟින් සෑම වසරකම අධ්යාපන පොදු සහතික පත්ර (.පො..) සාමාන්ය පෙළ (සා.පෙළ) සහ .පො. උසස් පෙළ (.පෙළ) විභාගවලින් ඉහළ දස්කම් දක්වන දරුවන් සඳහා ඔවුන්ගේ උසස් අධ්යාපනය හැදෑරීමට දිරිගැන්වීමේ අරමුණින්  මුල්ය ආධාර ශිෂ්යත්වයක් ලබා දේ. ශිෂ්යත්ව යෝජනා ක්රමය ආරම්භයේ සිට මේ දක්වා දක්ෂ සිසුන් 900 කට අධික පිරිසකට රු. මිලියන 110 කට අධික මුදලක් ශිෂ්යත්ව ලෙස මේ දක්වා ලබා දී ඇත.

සාමාන්ය පෙළ විභාගයේ ඉහළම දස්කම් දක්වන සිසුන් 30 දෙනාට සහ  ජාතික වශයෙන්  ඉහළම දස්කම් දක්වන සිසුන් 5 දෙනාගෙන් මෙන්ම දිස්ත්රික්ක 25 න් ඉහළම දස්කම් දක්වන සිසුන්ටරු.2500 මුදලක් මාසිකව  උසස් පෙළ විභාගයට පෙර වසර දෙක සඳහා ඔවුන් වෙත ලබා දෙනු ඇත . උසස් පෙළ විභාගයේ භෞතික විද්යා විෂය ධාරාවෙන් ඉහළ දස්කම් දක්වන කණ්ඩායමටරටේ හොඳම දක්ෂතා දක්වන සිසුවා , රටේ හොඳම දක්ෂතා  දක්වන සිසුවිය සහ එක් එක් දිස්ත්රික්කයෙන් ඉහළම දස්කම් දක්වන සිසු සිසුවියන් ඇතුළුව –  ඔවුන්ගේ උපාධි අධ්යයන කාලය තුළ මාසික ශිෂ්යාධාර 4,000ක්, උපරිම වසර 4ක් දක්වා කාලයක් තුල ලබා දේ. ශිෂ්යත්ව යෝජනා ක්රමයේ ප්රතිලාභීන් තෝරා ගනු ලබන්නේ   විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් නිර්දේශ  කරනු ලබන සුදුසුකම් ලත් උසස් පෙළ අපේක්ෂකයින්ය. මෙම  තෝරා ගැනීමත් සමඟ අධ්යාපන අමාත්යාංශය සහ Dialog Axiata අතර Dialog කුසලතා ශිෂ්යත්ව අවබෝධතා ගිවිසුම්වල දක්වා ඇති නිර්ණායක අනුව ශිෂ්යත්ව ලබා දීමේ ක්රියවලිය ඇරඹේ 

2020 දී, සාකච්ඡා මාලාවකින් පසුව, කණ්ඩායම් දෙකෙහිම තේරීම් නිර්ණායක තවදුරටත් සරල කිරීමට සියලු පාර්ශ්ව එකඟ වූ අතර, අතීතයේ සිසුන් තෝරා ගැනීමේ සහ මුදල් ලබා දීමේ ක්රියා පටිපාටිවල ප්රමාදයන්ට හේතු වූ ඇතැම් අභියෝගවලට විසඳුම් ලබා දුන්නේය. සාමාන්ය පෙළ ශිෂ්යත්ව යෝජනා ක්රමයේ ඇති වැදගත්ම වෙනස නම් ශිෂ්යයෙකුට සුදුසුකම් ලැබීම සඳහා ඔහුගේ/ඇය උසස් පෙළ අධ්යාපනය සඳහා භෞතික විද්යා විෂය ධාරාව තෝරා ගැනීමේ අවශ්යතාවය මඟ හැරීමයි. හා සමානව, උසස් පෙළ ශිෂ්යත්ව සඳහා වූ නිර්ණායක සිසුන්ගේ උපාධි අපේක්ෂක උපාධි පාඨමාලා තෝරාගැනීමේ සීමාවන් ඉවත් කළේය. තවද, ශිෂ්යත්ව යෝජනා ක්රමවල ක්රියාකාරීත්වය  කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇත.

ලබා දෙන මූල්ය ආධාරවලට අමතරව, Dialog විසින් මෙම ප්රතිලාභීන්ට සමාජයට වටිනාකමක් එකතු කරන වෘත්තිකයන් වීමට උපකාර කිරීම සඳහා  නිපුණතා සහ අනෙකුත් ධාරිතා ගොඩනැගීමේ පුහුණුව ලබා දේ.


Alumni Journeys is a collection of success stories from around the country – outlining the trials, tribulations and triumphs of Dialog Merit Scholars. The book aims to celebrate their achievements and showcase their journeys towards excellence, while inspiring future generations.

Download the booklet

Share this post