Disaster and Emergency Warning Network (DEWN)

දකුණු ආසියාවේ ප්රථම ආපදා අනතුරු ඇඟවීමේ පද්ධතිය DEWN 2.0 2004 ඉන්දියානු සාගර සුනාමියේ දසවැනි සංවත්සරයට සමගාමීව 2014 දී දියත් කරන ලදී. DEWN යනු ආපදා අවදානම අවම කිරීම අරමුණු කරගත් පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රම වේදයකි 

Dialog, Microimage Mobile Media (Pvt.) Ltd. සහ Dialog – University of Moratuwa Mobile Communication Research Laboratory, ආපදා කළමනාකරණ මධ්යස්ථානය (DMC) සමඟ එක්ව නිර්මාණය කර සංවර්ධනය කරන ලද DEWN, අනතුරු ඇඟවීම් සම්ප්රේෂණය කිරීම සඳහා නවතම ජංගම සන්නිවේදන තාක්ෂණයක්  භාවිතා කරයි. GSM ජාලයක් හරහා මහජනතාවට සහ පළමු ප්රතිචාර දක්වන්නන්ට ඉතා ඉක්මනින් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට මෙය හරහා හැක , ඉදිරියේදී ඇතිවිය හැකි ස්වභාවික විපත් ගැන පූර්ව අනතුරු ඇගවීම සඳහාද මෙය භාවිතා කල හැක . 2015 දී එළිදැක්වූ DEWN යෙදුම ජංගම දුරකථනය හරහා  අනතුරු ඇඟවීමේ පහසුකමක් ලබා දෙයි .

Share this post