ඩයලොග් ආසිආටා සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ඩයලොග් ටෙලිවිෂන් සහ ViU app ඔස්සේ අධ්‍යාපන නාලිකා 10ක් දියත් කිරීම අරඹයි

ඩය‍ලොග් ටෙලිවිෂන් සහ  ViU App ඔස්සේ සම්පූර්ණයෙන්ම ගාස්තුරහිතව අධ්‍යාපනික නාලිකා 10ක් විසුරුවාහැරීමට ශ්‍රී ලංකාවේප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී,අධ්‍යාපන අමාත්‍යංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. මෙහිපළමු අදියර යටතේ 2021 සැප්තැම්බර් 07 වැනිදා නාලිකා 4ක් දියත් වූඅතර, ඉදිරි මාසවලදී එය නාලිකා 10ක් දක්වා වර්ධනය වනු ඇත.මේසඳහා කිසිඳු රූපවාහිනී ග්‍රාහකත්ව ගාස්තුවක් හෝ ඩේටා ගාස්තුවක්අය කෙරෙන්නේ නැත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල, දුරස්ථ අධ්‍යාපනප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය එකතුවජාතික විෂයමාලාවට අනුව මෙම නාලිකාවල අන්තර්ගතයන් සකස්කිරීම සිදුවිය. මෙම නව නාලිකා සමූහය, නැණස O/L සිංහල (නාලිකාඅංක 22), නැණස O/L දෙමළ (නාලිකා අංක 23),  නැණස A/L සිංහල(නාලිකා අංක 24) සහ නැණස A/L දෙමළ (නාලිකා අංක 25) ලෙසින්නම්ව තිබේ. සියලුම ඩයලොග් ටෙලිවිෂන් හා  ViU Mobile TV  Appපාරිභෝගිකයන්ට ඩයලොග් ජාලය තුළ කිසිඳු අමතර ඩේටා ගාස්තුඅයකිරීමකින් තොරව මෙම නාලිකා නැරඹිය හැකිය. ඉදිරියේදීපැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළවිභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට එම විභාග අභියෝගජයගැනීමට උපරිමයෙන් සහායක් වන මෙකී නාලිකා හතර තුළින්පළපුරුදු ගුරු මඩුල්ලක් විසින් නවීනතම ඉගෙනුම් ක්‍රම භාවිතකරමින් උගන්වන විෂයයන් ආවරණය කරනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ්, IOS සහ Huawei App Gallery ඔස්සේද ViU Mobile TV  App එක ඩවුන්ලෝඩ්කළ හැකි අතර, පැය 2 ක් දක්වා නාලිකාවක වැඩසටහන් යළිනැරඹීමේ පහසුව සමඟින් පසුගිය දින 3 තුළ මඟහැරුණු වැදගත්පාඩම් හා සමඟ යළි සම්බන්ධ විය හැක.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින්“නව තාක්ෂණය සමඟින්, සෑම දරුවෙකුටම  අධ්‍යාපනය ලබාගැනීමටහැකිවන පරිදි අධ්‍යාපන අමාත්‍යංශය සහ ඩයලොග් සම්බන්ධ වීදියත් කරන මේ වැඩපිළිවෙල නොඅනුමානවම අධ්‍යාපනයේ නවපෙරළියක් සිදුකරනු ඇත.” යනුවෙන් සිය විශ්වාසය පළ කර සිටියේය.

“අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයසහ අදාළ අනෙකුත් රාජ්‍ය අමාත්‍යංශ සියල්ල එකතුවෙන්, විෂයනිර්දේශයට අනුකූලව, රජයේ පාසල්වන ප්‍රවීණ ගුරුභවතුන්ගේසහභාගීත්වය ලබාගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය විසින්නිෂ්පාදනය කරනු ලබන වැඩසටහන්, රජයෙන් කිසිඳු අයකිරීමක්නොකර මෙන්ම දරුවන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකර මෙසේවිකාශය කිරීම ගැන ඩයලොග් ආයතනයට මගේ ස්තුතියපිරිනැමෙනවා.” යැයි මේ අවස්ථාවට එක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යසුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන ලදී.

“මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිවූ දැවැන්තම විපර්යාසයක් ලෙසින්මා මෙය දකිනවා. වෙනසකින් තොරව රටේ සියලු ප්‍රදේශවලදරුවන්ට මෙම වැඩපිළිවෙලෙහි ප්‍රයෝජන හිමිවීම ගැන විශේෂයෙන්සතුටු වෙනවා. මෙහි අන්තර්ගතය සැකසීම වෙනුවෙන් ජාතිකඅධ්‍යාපන ආයතනයත්, එය විකාශය කිරීම පිණිස ඩයලොග්ආයතනයත් විශාල මෙහෙවරක් ඉටු කළා. රටේ දරුපරපුර වෙනුවෙන්මෙන්ම රටේ අධ්‍යාපනය වෙනුවෙනුත් මෙයින් සුවිශේෂී සේවයක් වනුඇති බව විශ්වාසයි.” යනුවෙන් මේ අවස්ථාවට එක්වූ හිටපු අධ්‍යාපනඅමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතාපවසා සිටියේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධනරාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවට එක්වෙමින්“රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණයට ලක්කරමින් නූතනත්වය කරාගමන් කරන වැඩසටහන ඩයලොග් ‘නැණස’ නාලිකාව සමඟ එක්වමෙසේ එහි මීළඟ පියවර කරා රැගෙන යෑමට අධ්‍යාපනඅමාත්‍යංශයට හැකියාව ලැබුණා. අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීමේදීඑය තාක්ෂණයත් සමඟ බද්ධ විය යුතු බව අපේ විශ්වාසයයි. එයතවදුරටත් පෙරට රැගෙන යමින් ඉදිරියේදී ඩයලොග් ආයතනය සමඟඑක්ව රටේ නව අධ්‍යාපන තාක්ෂණික විප්ලවයක් කිරීමට අපබලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන්වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය,“මෙවැනිඅභියෝගාත්මක කාලසීමාවක සිසුන්ට බාධාවකින් තොරව අධ්‍යාපනකටයුතුවල නිරතවීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මකවන අපගේ වැඩපිළිවෙලෙහි තවත් කොටසක් ලෙසින්, දිවයිනේසමස්ත සිසු දරුවන් වෙනුවෙන් මේ අධ්‍යාපනික නාලිකා ගාස්තුඅයකිරීමකින් තොරව  ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්.දිවයිනේ සෑම සිසු දරුවෙක් හටම සමාන අධ්‍යාපන අවස්ථා සැපයීමටනිරන්තරයෙන් කටයුතු කරන ඩයලොග් සමාගමේ තවත් එක්පියවරක් ලෙස මෙලෙස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අධ්‍යාපනිකවැඩසටහන් නැණස සිංහල සහ දෙමළ නාලිකා ඔස්සේ විකාශයකිරීම දැක්විය හැකියි.”දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන අරමුණු මල්ඵලගැන්වීමේ අරමුණෙන්ඩයලොග් සමාගම විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් රැසක තවත්සුවිශේෂී කඩඉමක් වශයෙන් මෙම කටයුත්ත අර්ථ දැක්විය හැක.මෙම කාර්යයට අමතරව ‘නැණස’ ජාතික වැඩසටහන යටතේ නැණස ස්මාට් ස්කූල්, නැණස ඇප් සහ නොමිලේ ක්‍රියාත්මක වන 1916 දුරස්ථඅධ්‍යාපන සේවාව යනාදී අධ්‍යාපනික මාධ්‍ය ඔස්සේද මෙරට අධ්‍යාපනක්ෂේත්‍රය බලගැන්වීමට ඩයලොග් සමාගම කටයුතු කර තිබේ. තවදනොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදුන් නැණස ටීවී නාලිකාවලටඅමතරව ඩයලොග් ටෙලිවිෂන් සහ ViU App හරහා Guru Tv (නාලිකාඅංක 20) නාලිකාවද නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදී තිබේ.එපමණක් නොව දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේමාර්ගගත (Online) අධ්‍යාපන කටයුතුවලට පහසුකම් සැලසීමවෙනුවෙන් ‘නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ සිසුන්ලක්ෂයකට ඩේටා ශිෂ්‍යත්ව පිරිනැමීමටද පියවර ගෙන ඇත.මීටඅමතරව ඊ-තක්සාලාව, ජාතික ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණපද්ධතිය (LCMS) / ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS ) සහවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින රාජ්‍යවිශ්වවිද්‍යාලවල සියලුම නිල විද්‍යුත් ඉගෙනුම් පද්ධති සඳහා ඩයලොග්සමාගම කිසිඳු ඩේටා ගාස්තුවකින් තොරව නොමිලේ ප්‍රවේශය ලබාදීතිබේ.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීල්සී හි සමූහප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය,ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල්රාජපක්ෂ මහතා, හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ වත්මන් විදේශඅමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා, කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හාඅධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ අධ්‍යාපන අමාත්‍යදිනේෂ් ගුණවර්ධන මහතා.
ඩයලොග් ආසිආටා පීල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහමහතා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟඅවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. මෙම අවස්ථාවටරජයේ සෙසු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද එක්වසිටියහ
ඩයලොග් ආසිආටා පීල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා රජයේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් අමතමින්
Share this post