ඩයලොග් පදනම සහ ෂැංග්‍රිලා කොච්චිකඩේ ඛේදජනක සිදුවීම්වලින් විපතට පත් දරුවන්ගේ සිහින පණ ගැන්වීමට උදවු කරති.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ කණ්ඩායම, ඩයලොග් පදනමේ රැලිය ටු කෙයා කණ්ඩායම සහ කතෝලික පල්ලියේ නියෝජිතයන් සමඟ වැඩසටහනට සහභාගී වූ ළමුන් කණ්ඩායම
(වමේ සිට දකුණට) ගායක ගායිකාවන් වන සන්තුෂ් වීරමන්, භාතිය ජයකොඩි සහ සනුක වික්‍රමසිංහ ප්‍රසංගයේදී
ගායන ශිල්පී භාතිය ජයකොඩි දරුවන් සමඟ සුහදව කතා කරන අයුරු
ශා. ප්‍රසාද් හර්ෂ විපතට පත් දරුවන්ට මනස සුවපත් කිරීම පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සැසියක් පවත්වමින්

පාස්කු ඉරිදා කොච්චිකඩේ සිදු වූ ඛේදනීය සිදුවීම්වලින් විපතට පත් දරුවන්ගේ සිහින පණ ගැන්වීමේ අරමුණින් ඩයලොග් පදනමේ සහ කොළඹ ෂැංග්රි-ලා හෝටලයේ රැලි ටු කෙයා වැඩසටහන මගින් පීඩාවට පත් වූ 70 දෙනෙකුට වැඩි පිරිසක් වෙනුවෙන්  සුවිශේෂී වැඩසටහනක් දියත් කරන ලදී. ළමුන් වෙනුවෙන් කොළඹ ෂැංග්රි-ලා හෝටලයේදී විනෝද ක්රියාකාරකම් සහ විනෝදාස්වාදය සඳහා සඳහා සම්පූර්ණ දිනයක් වෙන් කරන  ලදී. මෙම අවස්ථාවට ජනප්රිය සංගීතඥයින් සහ කතෝලික පල්ලියේ නියෝජිතයින් ද සහභාගී විය.

 අපේ රටේ දරුවන්ට බලාපොරොත්තුවක් ඇති කිරීමටත් අනාගතය නැවත සකස් කිරීමටත් දරුවන් එකතු විය යුතු ආකාරය ගැන කතා කළ ප්රසාද් හර්ෂණ පියතුමා  , “ලෝකයේ දුප්පත් පොහොසත් මිනිස්සු ඉන්නවා. දරුවනේ ඔබ දුප්පත් ලෙස හඳුන්වන්නේ කුමක් ද? මම ඔයාගේ හැම ගෙදරකටම ගිහින් තියෙනවා. මම ඔයාලා හැමෝම පුද්ගලිකව දන්නවා. ඔයාලට ආර්ථික අමාරුකම් තියෙනවා කියලා මම දන්නවා ඒත් ඔයාලා  දුප්පත් නෑ කියලා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවාද? නියම දුප්පත් කම යනු තමන්ට සිහිනයක් හෝ දැකීමට ඇති නොහැකියාවයි . මේ ලස්සන ළමයි හැමෝටම ලස්සන හීන තිබුණා. සිහින දැකීමට නොහැකි පුද්ගලයෙකුගේ ක්රියාවන්ගෙන් එය අඳුරු වී ඇත්නම්, එය නැවත පණ ගැන්වීමට ඔබ ශක්තිමත් විය යුතුය. මේ රටට සහ ලෝකයට අවශ්ය ආකාරයේ මිනිසුන් වන්න. ලෝකය ආරක්ෂිත සහ වඩා හොඳ තැනක් කිරීමේ කාර්යය ඔබ සතුයි. ඔබේ සිහින සැබෑ කර ගැනීමට සහ ඒ සඳහා කැපවීමට ඔබ සූදානම් විය යුතුය. ඒ සඳහා ඔබට ශක්තිය ඇතැයි අපි විශ්වාස කරනවා.”

රැස්ව සිටි පිරිස මවිතයට පත් කරමින් ගායක සනුක වික්රමසිංහ වැඩසටහන අතරතුර එයට සම්බන්ධ වූ අතර ඉන් අනතුරුව භාතිය සහ සන්තුෂ් යන කලාකරුවන් ද ඊට එක්වූයේ සහභාගී වූ දරුවන් තවත් විශ්මයට පත්කරමින්  වැඩසටහන අතරතුර, ළමයින් උද්යෝගිමත් ලෙස ගායනා කිරීමට සහභාගී වූ අතර ඔවුන්ගේ හිත රැඳී තරු සමඟ දවස ගත කළ අතර එය ඔවුන්ට සම්පූර්ණයෙන්ම නව අත්දැකීමක් විය.

ගායන ශිල්පී භාතිය ජයකොඩි තම ළමා කාලයේ සිහින ගැන කතා කරමින් කියා සිටියේ “අපි හැමෝටම විවිධ ආකාරයේ දුෂ්කරතා ඇති නමුත් අභියෝගය වන්නේ ඒවා ජය ගැනීමයි. ඒක තමයි සැබෑ ජයග්රහණය. අපේ ළමා වියත් තරුණ කාලයත් ගෙවුණේ දරුණු යුද්ධයක් මැද වුණත් අපේ සිහිනවලට බාධාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. අපි අපේ හීන යථාර්ථයක් කරගන්න මහන්සි වුණා. අපට තිබුණේ එකම එක දෙයකි – ඒ ජයග්රහණය කිරීමයි , අපට අහිමි වීමට කිසිවක් ඉතිරිව නොතිබූ බැවිනි. වැටෙන්න තැනක් තිබුණේ නැහැ. අපි හිටියේ පහළම මට්ටමේ. යන්නට ඉතිරිව තිබුණේ ඉහළට යාම පමණි. ඒ නිසා අපි වගේම ඔබත් ඔබේ සිහින සැබෑ කර ගැනීමට කැපවිය යුතුයි.”

දරුවන් තම ආදරණීය තරු සමඟ සිහින බෙදා ගැනීමට උනන්දු වූ අතර ගායක සන්තුෂ් වීරමන් තරුණ පිරිමි ළමයෙකුගේ සිහිනය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ “ඔබේ සියලු සිහින සැබෑ වේවා. මම හිතන්නේ අපි මෙහි තවත් එක් සිහිනයක් ගැන කතා කළ යුතුයි. ව්යවසායකයෙකු වීමේ සිහිනය එයයි. අද සාර්ථක ව්යවසායකයෙක් රටට සම්පතක්. බොහෝ විට අපි ව්යාපාරිකයෙකුව දකින්නේ මුදල් උපයන්නෙකු ලෙස වුවත් එය එසේ නොවේ. සාර්ථක ව්යවසායකයෙකු සමාජ ගැටලු ජය ගැනීමට පිළිතුරු සොයයි. පිළිතුර නිෂ්පාදනයක් හෝ සේවාවක් විය හැකිය. මේ හරහා ඔහු ධනාත්මක සමාජ බලපෑමක් ඇති කරයි. ව්යවසායකයෙකුගේ පළමු ඉලක්කය මුදල් ඉපැයීම නොව සමාජයේ සැබෑ අවශ්යතා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමයි. එහි සාර්ථකත්වය ඔබේ අනාගතයේ වෙනසක් ඇති කරයි. ඒ නිසා මුලින්ම ඔබ කවුද කියලා හඳුනාගන්න ඕන.”

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජක පියතුමා. ජූඩ් රාජ් ප්රනාන්දු පැවසුවේ “දරුවන් අපේ අනාගතයයි. ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. පසුගිය කාලයේ සිදුවූ ඒ අවාසනාවන්ත සිදුවීම නිසා ඒ ආරක්ෂාව පිළිබඳ හැඟීම අපෙන් ගිලිහී ගිය අතර, ඒ බිහිසුණු මතකයේ සෙවණැලි ඔවුන්ගේ සිත්වල තවමත් පවතී. මෙම දරුවන් අත්විඳින මානසික ආතතිය අවම කිරීමට, ඔවුන්ගේ මනස සහ ඔවුන්ගේ ජීවිතය සාමාන්ය තත්ත්වයට පත් කිරීමට මෙම වැඩසටහන් අත්යවශ්ය වේ. මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම දරුවන්ට, ඩයලොග් පදනමේ රැලි ටු කෙයාර් වැඩසටහනට සහ කොළඹ ෂැංග්රි-ලා හෝටලයට මෙන්ම අද සහභාගී වූ සියලුම දෙනාට මම මගේ අවංක ප්රණාමය පුද කරමි.”

කොළඹ ෂැංග්රි-ලා හෝටලය සහ රැලි ටු කෙයාර් වැඩසටහන මගින් තරු පන්තියේ අත්දැකීමක් සමඟින් ඔවුන්ගේ සිහින සුරක්ෂිත කර ගැනීමට අවශ්ය ආශ්වාදය ලබා දීම සඳහා බහු අන්තර්ක්රියාකාරී සහ විනෝදාත්මක ක්රියාකාරකම් සමඟින් ළමා කණ්ඩායම සතුටු විය.

Rally to Care වැඩසටහනේ හවුල්කරුවන් වන World Vision Lanka, Sarvodaya, My Doctor, Vision Care සහ රත්මලාන Audiology මධ්යස්ථානය සමඟ එක්ව  ශාරීරික ආබාධිත හා කම්පනයට ගොදුරු වූවන් සඳහා කෙටි කාලින හා දීර්ඝ කාලින  බාහිර රෝගී සහාය ලබා දීමේ මෙහෙවර දිගටම කරගෙන යනු ඇත. 2019 අප්රේල් 21 වැනි දින සිදු වූ ඛේදනීය සිදුවීම්වලින් පීඩාවට පත් වූ දරුවන් 500කට වැඩි සංඛ්යාවක් සඳහා දිගුකාලීන අධ්යාපනික සහය සහ මනෝ සමාජීය පුනරුත්ථාපනය අවශ්‍ය වූ පවුල් 250 වෙනුවෙන් තම යුතුකම ඉටු කරනු ඇත

Rally to Care මුලපිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සහ වැඩිදුර යාවත්කාලීන සඳහා http://dialogfoundation.org/rallytocare වෙත පිවිසෙන්න .

Share this post