ඩයලොග් සහ මනුසත් දෙරණ එක්ව දිවයින පුරා පාසල් සිසුන් ලක්‍ෂයකට නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව පිරිනමයි

ඡායාරූපයේ වමේ සිට දකුණට: අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ගාල්ල අඟුලුගහ මහා විද්‍යාලයේ විදුහල්පති මනෝජ් ප්‍රියංකර මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

පාසල යනු අප සැමගේ සුන්දර මතක රැසක් නිදන් කර ඇති ස්ථානයකි. ජීවිතයේ අවසානය දක්වා රසවත් අත්දැකීම් සිහිපත් කරමින් එම සුන්දර කාලය තුළ සදාකාලිකව ජීවිත් විය හැකි සිදුවීම් අප සැමට ඇතිවාට කිසිඳු සැකයක් නොමැත. නමුත් අද වන විට මේ සුන්දර ස්ථානයන් වෙත පිවිස දරුවන්ට අකුරු කිරීමේ අවස්ථාව අහිමි වී ඇතත්, රටක්, ජාතියක් ලෙස එක්ව අපට ජයග්‍රහණය කළ හැකි අභියෝගයකි.

සැමට පොදු මෙන්ම මූලික අවශ්‍යතාවයක් වූ අධ්‍යාපනය, පවත්නා සමාජීය තත්වයන් හමුවේ බොහෝ ප්‍රදේශවල දරුවන් හට විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ ලබාගැනීමට සිදුවී ඇත. ඔවුන්ගේ හිසට ඉහළින් ගුවනේ විසිරෙන පාසල් දේශනය ඔවුන් වෙත සමීප කරගැනීමට අවශ්‍ය වන අන්තර්ජාල පහසුකම් සදහා වන ඩේටා කාඩ්පත් අද වන විට ඔවුන්ගේ අධ්‍යාපනයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. මේ නිසාම බොහෝ දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූලිකත්වය ලබාදෙමින් ඔවුනගේ ජීවිතයේ බොහෝ දෑ ඒ වෙනුවෙන් කැපකිරීමටද යොමුවී ඇත.

මෙවැනි තත්වයක් තුළ ලාංකීය අනාගතය නිර්මාණය කිරීමේ කාර්යයේ වර්තමානිකයන් සවිබල ගැන්වීමේහිලා දැනුම සොයා යාමේ කාර්යයේ නිරත ලාංකීය දූ දරුවන් වෙත දිරිය ලබා දෙමින්, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආයතනය සහ මනුසත් දෙරණ එක්ව දිවයිනේ දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් “නැණදිරි” ඩේටා ශිෂ්‍යත්ව පිරිනැමීමට ඉදිරිපත් වී ඇත. දිවයින පුරා පිහිටි තෝරාගත් පාසල්වල ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන දරුවන් ලක්‍ෂයක් වෙනුවෙන් නොමිලේ ඩේටා ප්‍රදානය කිරීම මෙම ශිෂ්‍යත්වය මගින් සිදුවේ. මෙහිදී එම සිසුන්ගේ ඉගෙනුම් සහ අධ්‍යාපන කාර්යයන් සඳහා මාසිකව 10GB ඩේටා ප්‍රමාණයක් සෑම ශිෂ්‍යත්ව ලාභියෙකු වෙතම හිමිවන අතර, මෙම ශිෂ්‍යත්වය මාස 3ක් දක්වා අඛණ්ඩව ලබාදීමට සැලසුම් කර ඇත.

මේ යටතේ ගාල්ල අඟුලුගහ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත නැණදිරි ශිෂ්‍යත්ව ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඩයලොග් ආයතනයේ මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුවිය.

“වසංගතයට අපේ දරුවන්ගේ අධ්‍යාපනය සහ සංවර්ධනය අහිමි කිරීමට ඉඩදිය නොහැකියි.” යනුවෙන් අවධාරණය කරමින් ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙහිදී වැඩිදරටත් පැවසූයේ, “මේ වගේ දුෂ්කර කාල වකවානුවක දෙම්පියන් ආර්ථික බරින් නිදහස් කරමින් සිය පාසල් දරු දැරියන්ගේ මාර්ගගත අධ්‍යාපන කාර්යයන් සාර්ථක ආකාරයෙන් කරගෙන යාම සඳහා ඩයලොග් ආයතනය සහ මනුසත් දෙරණ එක්ව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට යොමුවීම ඉදිරිගාමී පියවරක් වෙනවා වගේම මම එම ආයතන වලට මගේ ස්තුතිය මේ මොහොතේ පුදකර සිටිනවා.”

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන ලැබීමට නොහැකි විවිධ ආර්ථික අපහසුතාවලින් පෙළෙන, දුෂ්කර පාසල්වල දරුවන්හට ඒ අයගේ අධ්‍යාපන කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට ඩයලොග් ආයතනය සහ මනුසත් දෙරණ එක්ව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමට යොමුවීම සම්බන්ධයෙන් මම ඒ ආයතනවලට මගේ කාතඥතාවය පළකර සිටිනවා. මෙම පුරෝගාමී කාර්යයට ස්තුතිවන්නට ඒ දරුවන් හට අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශ වගේම ඒ ඔස්සේ එන භෞතික අවස්ථා සහ සංවර්ධනීය අංගයන්ගෙන්ද දරුවන් පෝෂණය කිරීමට සමත් වෙනවා. ඒ වගේම අපේ රටේ අනාගතය වන දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා සම්පාදනය කිරීමේ අරමුණින් දියත් කරනු ලබන මෙම වැඩසටහනේ කොටස්කරුවකු වීමට හැකිවීම පිළිබඳවත් මේ මොහොතේ අපිට තිබෙන්නේ විශාල සතුටක්.”

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ ය. “රටේ පවත්නා වත්මන් තත්වය සමඟ අපේ මූලික අරමුණක් වුනේ දිවයින පුරා ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දරුවන් වෙත අඛණ්ඩව ඔවුන්ගේ අධ්‍යාපන කාර්යයන් කරගෙන යාම සඳහා අවස්ථාව සලසාදීමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට වගේම එයට විසඳුමක් වශයෙන් “නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවීම සතුටට කරුණක්. මෙයින් වසංගත තත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සිදුවූ පාඩුව අවම කිරිමත්, ඔවුන් දැනුමින් විශිෂ්ටත්වයට පත්වීමට සහාය දැක්වීමටත් ආයතනයක් විදිහට අපි කැපවී සිටින බව මම මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.”

දැයේ දූදරුවන්ට පැහැබර අනාගතයක් නිර්මාණය කිරීමට අද දිනයේ කැපවෙන ඩයලොග් ආයතනය දෙරණ මාධ්‍ය ජාලය සමග එක්ව දියත් කරනු ලබන මෙම “නැණදිරි” ඩේටා ශිෂ්‍යත්ව වැඩසටහන, අභියෝග හමුවේ නොසැලෙන අදිටනින් ජීවිතය ජයගැනීමට වෙහෙසෙන දරුවන්ගේ සහ ඒ වෙනුවෙන් කැපවෙන දෙමාපියන්ගේ අපේක්‍ෂාවන් මල්ඵල ගැන්වීමේ අරමුණින් දියත් කරනු ලබන්නකි.පවත්නා අසීරු කාලපරිච්ඡේදය මධ්‍යයේ දැයේ දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමට ඩයලොග් ආසිආටා සමාගම ගත් උත්සාහයේ කොටසක් ලෙස ඉහත ව්‍යාපෘතිය දැක්විය හැක. මීට අමතරව, ඩයලොග් ආයතනය මගින් නැණස වැඩසටහන යටතේ නැණස TV නාලිකා, නැණස සුහුරු පාසල් ව්‍යාපෘතිය, Nenasa App සහ ගාස්තු රහිත නැණස 1916 දුරස්ථ අධ්‍යාපන සේවාව යනාදී වශයෙන් විවිධ අධ්‍යාපනික සේවා රාශියක් ක්‍රියාත්මක කරයි. Dialog Television සමඟ දරුවන්ට අධ්‍යාපන කටයුතු නිවසේ සිටම අඛණ්ඩව කරගෙන යාමට මහඟු අත්වැලක් සපයන අතර, 3 ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වා විෂය නිර්දේශයට අනුව සියලුම විෂයන් සහිත නැණස සිංහල, නැණස දමිළ සහ ගුරු TV යන අධ්‍යාපනික නාලිකා කිසිඳු ගාස්තුවකින් තොරව නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇත. එසේම, ජාතික ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය (LCMS) / ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) වන ඊ – තක්සලාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලුම නිල විද්‍යුත් ඉගෙනුම් පද්ධති සඳහා Dialog සමාගම කිසිඳු ඩේටා ගාස්තුවකින් තොරව නොමිලේ ප්‍රවේශය ලබාදී තිබේ.

Share this post