ඩයලොග් IDH රෝහලේ අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන්ට සහාය ලබාදෙමින් කඩිනම් සන්නිවේදන විසඳුම් සඳහා පහසුකම් සලසයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී COVID-19 ගෝලීය වසංගත තත්වය හමුවේ, වෛද්‍ය වෘත්තියකයින් සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්ට සහායවීමේ අරමුණින් මෙරට තුළ COVID-19 මර්ධනය කරන කේන්ද්‍රස්ථානය වශයෙන් පෙරමුණ ගෙන කටයුතු කරන IDH රෝහලේ කාර්යමණ්ඩලයට සහායවීම සඳහා video conferencing පහසුකම් සහ අන්තර්ජාල සේවා සඳහා අත්‍යවශ්‍ය කඩිනම් සන්නිවේදන විසඳුම් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත. මෙම කාලීන වැඩපිළිවෙල හරහා IDH රෝහලේ සෞඛ්‍ය සේවා සම්පාදකයන්ට දිවයිනේ අනෙකුත් රෝහල්වලට සහ සෞඛ්‍ය සේවා ආයතනවලට අවශ්‍ය තොරතුරු ලබාදීමටත්, ඒකාබද්ධ දුරස්ථ වෛද්‍ය සේවා සඳහා සහායවීමටත් අවස්ථාව හිමිවේ.

කාර්යක්ෂම අන්තර්ජාල සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් සකස් කරමින්, වේගවත් WiFi අන්තර්ජාල සේවා සම්බන්ධතාවයක් සඳහා පහසුකම් සලසමින් වෛද්‍ය කාර්යමණ්ඩලය ඉල්ලා සිටි බොහෝ ජංගම උපාංග සපයමින්, ඩයලොග් ඉංජිනේරු කණ්ඩායම එදිනම IDH රෝහලේ හදිසි ඉල්ලීම ඉටුකරදීමට සමත්වූහ. COVID-19 ව්‍යාප්තියට එරෙහිව වෛද්‍යවරු, හෙදියන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මහත් කැපවීමෙන් පෙරමුණ ගෙන කටයුතු කරද්දී, IDH රෝහලේ කාර්යමණ්ඩලයට අත්‍යවශ්‍ය කඩිනම් සන්නිවේදන විසඳුම්, video conferencing පහසුකම් සහ ජංගම උපාංග ලබාදෙමින් ඔවුන්ට සහායවීමට ඩයලොග් කටයුතු කරන ලදී. මේ වෙනුවෙන් අවශ්‍ය කරන ඩිජිටල් උපකරණ ලබාදීමටද පියවර ගත් අතර, ඒ හරහා ඔවුන්ට රෝග විනිශ්චය, රෝග සමනය, රෝගීන් සොයාගැනීම / සළකුණු කිරීම, රෝග ව්‍යාප්තිය වළක්වාගැනීම, වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කරගැනීම සහ ඔවුන්ගේ දෛනික හදිසි සේවා ඵලදායීව, කාර්යක්ෂමව සහ කඩිනමින් ඉටුකරගැනීම සඳහා පූර්ණ අවධානය යොමුකරගැනීමට හැකියාව ලැබේ

Share this post