මඩකලපුවේ පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් විපතට පත්වූ දරුවන්ට Dialog Foundation වෙතින් තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දෙයි

rally-bati

(වම – දකුණ ) සියොන් දේවස්ථානයේ පාදිලිතුමන් වන රොෂාන් මහේසන් පියතුමා වෙත, Dialog Axiata සමාගමේ සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා විසින් අධ්‍යාපන ශිෂ්‍යත්වයන් ලබාදීමට ප්‍රතිඥා දීම. සර්වෝදයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ චමින්ද රාජකරුණා මහතා සහ Dialog Axiata සමාගමේ සමූහ ප්‍රධාන ආයතනික නිලධාරි ෂියාම් මජීඩ් මහත්වරුද මෙහි පෙනී සිටිති

Dialog Foundation ‘Rally to Care’ අරමුදල විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරයි.

Dialog Foundation ගෙන එන Rally to Care අරමුදල මගින්, මඩකලපුව සියොන් දේවස්ථානයේ පාස්කු ඉරුදින සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත් දරුවන් සඳහා තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම 2019 ජූනි මස 9 වන දින සිදුකරන ලදී.

මඩකළපුවේ සියොන් දේවස්ථානය විනාශයට පත්වීම හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බැවින් එය ආසන්නයේ දේවස්ථානය මගින් තාවකාලිකව පවත්වාගෙන යන ස්ථානයකදී ජූනි 9 වෙනි දින මෙම සහන සැලසීම සිදුකරන ලදී. එහිදී මඩකළපුවේ ඛේදවාචකයෙන් විපතට පත් දරුවන් 71 දෙනෙකුට Dialog Foundation ගෙන එන ‘Rally to Care’ අරමුදලෙන් වයස අවුරුදු 19 දක්වා තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්වයන් දීමට කටයුතු සලසන බවට Dialog Axiata සමාගමේ සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා විසින් ප්‍රතිඥා දෙන ලදී. තවද, Colombo Model United Nations 2019 හි විධායක කමිටුව මඟින් පරිත්‍යාග කළ පාසල් බෑග් ඇතුළු ලිපිද්‍රව්‍ය කට්ටල 71 ක් ද මෙහිදී දරුවන් අතර ඛෙදාහරිනු ලැබීය.

Vision Care ආයතනය විසින් ඛේදවාචකයට ලක්වූ අයගේ පූර්ණ අක්ෂි පරීක්ෂාවක් නොමිලේ සිදුකර එදිනම අක්ෂි දෝෂයන්ට අවශ්‍ය ඇස් කණ්නාඩි සඳහා ඔවුන්ට නිර්දේශයන් ලබා දුන් අතර එයට අදාළ ඇස් කණ්නාඩිද නොමිලේ සැපයීමට එම ආයතනය කටයුතු කිරීමට නියමිතය.

සර්වෝදය විසින් නැගෙනහිර පළාතේ මෙම කටයුතු සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා සියොන් දේවස්ථානයේ පාදිලිතුමන් වන රොෂාන් මහේසන් පියතුමා, Dialog Axiata සමාගමේ සමූහ ප්‍රධාන ආයතනික නිලධාරි ෂියාම් මජීඩ් මහතා, මඩකලපුව සහකාර පොලිස් අධිකාරි ජී. කුමාරසිරි මහතා, සර්වෝදයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ චමින්ද රාජකරුණා සහ ක්ෂේත්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂ රවීන්ද්‍ර ආරියවික්‍රම යන මහත්වරුන් සහභාගි වූහ.

පිළිිගත් උපදේශක කණ්ඩායමක් හරහා ඛේදවාචකයෙන් විපතට පත් අයට මනෝ සමාජීය පුනරුත්ථාපන සහය ලබාදීමට කටුවාපිටියේ ස්ථාපනය කළ ජීවිත සුවපත්කිරීමේ මධ්‍යස්ථානයෙන් (Life Healing Centre) සිදු කෙරෙන සහන සැලසීම් කටයුතුවලින් ඇරඹූ මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර මගින් මඩකලපුව ප්‍රදේශයේ විපතට පත්වූවන්ට සහන සලසනු ලැබෙයි.World Vision Lanka, සර්වෝදය, My Doctor, Vision Care සහ රත්මලාන Audiology Centre හවුල්කරුවන් ලෙස එක්වන Rally to Care අරමුදලෙන් 2019 අප්‍රේල් 21 ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට බාහිර රෝගී සහය, බරපතල තුවාල ලත් අයට ඇවැසි සහය, දරුවන් 200 කට වැඩි පිරිසකට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පවුල් 250 කට අධික සංඛ්‍යාවකට මනෝ සමාජීය පුනරුත්ථාපන සහය ලබාදීමේ අරමුණු සහිතව මෙහෙයුම් කටයුතු සිදු කෙරෙයි. මෙම Rally to Care පිළිබඳ නවතම සහ වැඩි විස්තර http://dialogfoundation.org/rallytocare ඔස්සේ ලබාගත හැකිය.

Share this post