Dialog NCPA සහ Yeheli.lk/Thozhi.lk මුලපිරීම් හරහා මනෝ සමාජීය සහය සඳහා පහසුකම් සපයයි

COVID-19 රට අගුලු දැමීම, ජීවිත බේරා ගැනීම සඳහා රට පුරා විශාල උත්සාහයක් ගන්නා අවස්ථාවේදී එතරම් අවධානයට ලක් නොවුවද අප සමාජයේ එක් 

 කොටසක් දැඩි  අවදානමට ලක් කර ඇත; තම අපයෝජකයන් සමඟ එකම වහලක් බෙදා ගන්නා බොහෝ කාන්තාවන් සහ ළමුන් හට  මෙම අර්බුදකාරී කාලසීමාවපුරා  ආතතිය උත්පාදනය කරමින් ඇත.  ශ්රී ලංකාවේ ප්රමුඛතම සම්බන්ධතා සපයන්නා වන Dialog Axiata PLC මෙම කාලසීමාව තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පවත්වනු ලබන බහුවිධ මුලපිරීම් සක්රීය කරමින් මනෝ සමාජීය සහය ලබා දීමට සහ සියලු ශ්රී ලාංකිකයින්ගේ යහපැවැත්ම කළමනාකරණය කිරීමට ඉදිරිපත් වී ඇත. ඒ (NCPA) සහ Yeheli.lk/Thozhi.lk හරහායි .

දිස්ත්රික් මනෝ-සමාජ නිලධාරීන් (DPSO) 25 දෙනෙකු සහ NCPA මනෝ-සමාජ නිලධාරීන් 10 දෙනෙකු  (NPSO) සන්නද්ධ කරමින් දුරස්ථ ජාතික මනෝ-සමාජ උපකාරක සේවාවක් (RNPSSS) පිහිටුවීමට උපකාර කිරීම සඳහා Dialog විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සම්බන්ධතා සැපයුම්  සහ උපාංග සපයන ලදී. නිවෙස් තුළ ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යාම අවම කිරීමට සහ මෙම අභියෝගාත්මක කාලවලදී ශ්රී ලංකාවේ දරුවන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීමට මෙමගින් හැකි විය.

ඊට සමගාමීව, මෙම අගුලු දැමීමේ කාලසීමාව තුළ ගෘහස්ථ හිංසනයන් ඉහළ යාමේ සිද්ධීන් වාර්තා වීමත් සමඟ, පුද්ගලික යහපැවැත්ම සහතික කිරීම සඳහා නොමිලේ ත්රෛභාෂා උපදේශන සේවාවක් වන Yeheli.lk/Thozhi.lk විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පවත්වන ලදී. බලපෑමට ලක් වූ අතර මෙම අගුලු දැමීමේ කාල සීමාව තුළ ඔවුන්ට  සහය වීමෙන් ඔවුන්ගේ ජීවිත පහසු කරන ලදී . මීට අමතරව, Yeheli.lk/Thozhi.lk විසින් සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය සමඟ COVID-19 වැළැක්වීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පවත්වන ලද අතර, වෛරසය පැතිරීම වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මහජනතාවට උපදෙස් ලබා දුන්නේය.
Yeheli.lk/Thozhi.lk යනු වෙබ් සහ ඇන්ඩ්රොයිඩ් වෙතින් ලබා ගත හැකි විශේෂඥ උපදෙස් සමඟ පරිශීලකයින් සම්බන්ධ කරන නිර්නාමික පණිවිඩකරණ වේදිකාවකි. ත්රෛභාෂා සේවාව සිය ආරක්‍ෂිත පද්ධතිය සමඟින් විෂය අනුබද්ධ ප්‍රවීනයන් සම්බන්ධ කරන අතර ඩිජිටල් මාධ්‍යක් හරහා පුද්ගලිකත්වය සහතික කිරීම තුල ඉතා විවෘතව තමන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමේ අවස්ථාවක් පාරිභෝගිකයන් හට ලබා දෙන ලදී

Share this post