Dialog Rally to Care අරමුදල හා සෙත් සරණ සහයෙන් පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සඳහා ‘ජීවිත සුවපත්කිරීමේ මධ්‍යස්ථානය’ කටුවාපිටියේ ස්ථාපිත කරයි

healing-center
මීගමුව කටුපිටියේ ‘ජීවිත සුවපත් කිරීමේ මධ්‍යස්ථානය’ හෙවත් Life Healing Centre
healing-center
මීගමුව කටුපිටියේ ස්ථාපිත වූ ‘ජීවිත සුවපත් කිරීමේ මධ්‍යස්ථානය’ හෙවත් Life Healing Centre
 

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ඛේදවාචකයට ලක්වූවන්ට සහතිකලත් වෘත්තිකයින් කණ්ඩායමක් හරහා මනෝ සමාජීය සත්කාර ලබාදීම වෙනුවෙන් Dialog Axiata PLC සමාගමේ අනුග්‍රහය යටතේ ස්ථාපිත සත්කාරක අරමුදල වන Rally to Care අරමුදල හා කොළඹ අගරදගුරු සභාවේ සමාජ ක්‍රියාකාරීත්වයක් වන ‘සෙත් සරණ’ මගින් ‘ජීවිත සුවපත්කිරීමේ මධ්‍යස්ථානය’ හෙවත් Life Healing Centre මීගමුව, කටුවාපිටිය ප්‍රදේශයේදී 2019 මැයි 18 වැනි දින ස්ථාපිත කරන ලදි.

මෙහි මූලාරම්භයේදී Dialog සමාගම රුපියල් මිලියන 15 ක දායකත්වයක් අරමුදලට සැපයූ අතර එයට අමතරව, ත්‍යාගශීලී Dialog පාරිභෝගිකයන්, තනි පුද්ගල දායකයන්, ආයතන, ව්‍යාපාර හා විදෙස් දානපතියන් විසින් මෙම සත්කාරය වෙනුවෙන් පිරිනැමූ රුපියල් මිලියන 28.68 ක මුදල Dialog විසින් දෙගුණ කරමින් මෙම අරමුදලට දායක කරනු ලැබීය. Axiata සමූහයෙන් Rally to Care අරමුදලට රුපියල් මිලියන 34.6 ක පරිත්‍යාගයක් හිමි වූ අතර මෙම ප්‍රජාවගේ නොමසුරු දායකත්වය හේතුවෙන් රුපියල් මිලියන 106.96 ක විශාල මුදලක් එක්රැස් කරගැනීමට හැකිවිය.

The Life Healing Centre was inaugurated in the presence of Rt. Rev. Dr. J D Anthony Jayakody, Auxiliary Bishop of Archdiocese of Colombo, Dr. Hans Wijayasuriya – Corporate Executive Vice President and CEO – South Asia Region, Axiata Group Berhad, and Supun Weerasinghe, Group Chief Executive, Dialog Axiata PLC.

කොළඹ සහයක රදගුරු අති උතුම් ආචාර්ය ජේ.ඩී. අන්තෝනි ජයකොඩි හිමිපාණන් ආසියාට සමූහ බර්හාඩ් හී දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන විධායක, ආයතනික විධායක උපසභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ‘ජීවිත සුවපත්කිරීමේ මධ්‍යස්ථානයේ’ සමාරම්භය සනිටුහන් විය.

කොළඹ අගරදගුරුවරයාගේ සෙත් සරණ සමාජීය ක්‍රියාකාරී සමූහයේ සහයෝගිත්වය සහිතව ස්ථාපිත කළ ‘ජීවිත සුවපත්කිරීමේ’ මධ්‍යස්ථානයෙන් අගරදගුරු පවුලේ ධර්මදූත අධ්‍යක්ෂ හා ජාතික ධර්මදූත පවුලේ සම්බන්ධීකාරක ක්ලෝඩ් නෝනිස් පියතුමන් විසින් මෙහෙයවනු ලබන පිලිිගත් කතෝලික උපදේශක කණ්ඩායමක් හරහා මනෝසමාජීය පුනරුත්තාපන කටයුතු සිදුකරයි. මෙම ‘ජීවිත සුවපත්කිරීමේ මධ්‍යස්ථානයෙන් කුඩා දරුවන්, යෞවනයන්, යොවුන් වැඩිහිටියන් හා වැඩිහිටියන් සඳහා මානසික අවපීඩනය, පශ්චාත් කම්පන ආතතිය, සාංකාව හා කම්පනකාරී සිදුවීම් නිසා ඇතිවන වෙනත් මානසික ප්‍රශ්න ආදී පරාස ගණනාවකින් මනෝසමාජීය පුනරුත්ථාපන සේවාවන් සැපයේ. ඛේදවාචකයට මුහුණදුන් පවුල්වලට ආසන්නයෙන්ම පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය පෙරවරු 8.00 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව පවතී. ‘ජීවිත සුවපත්කිරීමේ මධ්‍යස්ථානය’ විවෘත කළ අවස්ථාවේදී මෙම විපතට පත්වූවන් වෙනුවෙන් Vision Care මගින් පූර්ණ අක්ෂි පරික්ෂාවක්ද රත්මලාන Audiology Centre මගින් පූර්ණ ශ්‍රවණ පරීක්ෂාවක්ද සිදුකරන ලදී. එදිනම අක්ෂි දෝෂයන්ට අවශ්‍ය ඇස් කණ්නාඩි සඳහා නිර්දේශයන් ලබාදුන් අතර එම නිර්දේශයන්ට අදාළ ඇස් කණ්නාඩි Vision Care මගින් නොමිලයේ පිරිනැමීමට නියමිතය. නිර්දේශ වූ ශ්‍රවණාධාර, අරමුදල හරහා ලබාදීමට කටයුතු යොදා තිබේ. තවද MyDoctor කණ්ඩායම විසින් වෛද්‍ය සායනයක් පවත්වා අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා වවුචර ලබාදීමද සිදුකෙරිණ.

මෙම ජීවිත සුවපත් කිරීමේ ක්‍රියාවලියට ආධාරකයක් වශයෙන් විපතට පත් පවුල් සඳහා උපදේශන වැඩසටහන් හා ආධ්‍යාත්මික ගීතිකා ඇතුළත් CD තැටි ශ්‍රවණය කිරීමට ගුවන්විදුලි යන්ත්‍ර ලබාදුන් අතර 103.1 සෙත් FM ගුවන්විදුලි නාලිකාව ඔස්සේ ඔවුන්ගේ සිත් තුළ ඇති පීඩා දුරුකිරීමට වැඩසටහන් හා අධ්‍යාත්මික වැඩසටහන් විකාශය කෙරේ. සෙත් FM යනු මීගමුව, වෙන්නප්පුව, මාරවිල, මාදම්පේ, හලාවත, මිනුවන්ගොඩ, දිවුලපිටිය, ගම්පහ, ජා ඇල, කඳාන, වත්තල හා පෑලියගොඩ යන ප්‍රදේශයන් ආවරණය කෙරෙන ප්‍රචලිත ගුවන් විදුලි නාලිකාවකි.

එපමණක් නොව Colombo Model United Nations 2019 හි විධායක කමිටුව මඟින් පරිත්‍යාග කළ පාසල් උපකරණ හා පාසල් බෑග් 250 කින් 100 ක් කටුවාපිටිය ප්‍රදේශයේ දරුවන් අතර බෙදා හැරිණ. ඉතිරි උපකරණ හා පාසල් බෑග් කොච්චිකඩේ හා මඩකලපුව ප්‍රදේශවල විපතට පත් දරුවන්ට බෙදාහැරීමට නියමිතය.Rally to Care අරමුදලට World Vision Lanka, සර්වෝදය, My Doctor, Vision Care සහ රත්මලාන Audiology Centre හවුල්කරුවන් ලෙස එක්වෙයි. එම සහන ප්‍රතිපාදන කටයුතු හා සමගාමීව මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට බාහිර රෝගී සහය, බරපතල තුවාල ලත් අයට ඇවැසි සහය, දරුවන් 500 කට වැඩි පිරිසකට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පවුල් 250 කට අධික සංඛ්‍යාවකට මනෝ සමාජීය පුනරුත්ථාපන සහය ලබාදීමේ අරමුණු සහිතව මෙහෙයුම් කටයුතු සිදුකෙරෙයි. මෙම Rally to Care පිළිබඳ වැඩි විස්තර සහ නවතම තොරතුරු http://dialogfoundation.org/rallytocare ඔස්සේ ලබාගත හැකිය.

Share this post