Dialog’s Doc990 රිජ්වේ ආර්යා රෝහලේ වෛද්ය සායන තාක්ෂණයෙන් බලගන්වයි

ශ්රී ලංකාවේ පුරෝගාමී ඩිජිටල් සෞඛ්ය තාක්ෂණික  සේවා සපයන්නා වන Doc990, එහි තාක්ෂණික පද්ධතීන් හා දුරකථන යෙදුම් මගින්  රිජ්වේ ආර්යා රෝහල (LRH) වෙත නොමිලේ සේවා ව්‍යාප්ත කළේය . රිජ්වේ ආර්යා රෝහලේ (LRH) 1390 ගාස්තු රහිත, ත්රෛභාෂා චැනලින් ක්ෂණික ඇමතුම් (ඕනෑම ජංගම ජාලයකින්) දියත් කිරීම සෞඛ්ය සේවා අංශයේ තාක්ෂණය භාවිතය නංවාලීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි. මෙය LRH හි ඩිජිටල්කරණ ගමනේ අත්යවශ්ය ඉදිරි පියවරක් වනු ඇත, දුරස්ථ වෛද්ය චැනලින් සේවාවක ප්රතිලාභ ලබා ගැනීමට රෝගීන්ට ඉඩකඩ සැලසීම මෙහි අරමුනයි .

LRH වාර්ෂිකව සායන 40 කට අධික සංඛ්යාවක රෝගීන් 445,000 ක් වෙත තම සේවය සපයනු ලබයි . රෝහලේ ක්රියාවලීන්ට අගය එකතු කිරීමක් ලෙස, Doc990 නාලිකා පද්ධතිය මඟින් කාර්ය මණ්ඩලයට වෛද්ය-රෝගී හමුවීම් කළමනාකරණය කිරීමට හැකි වන අතර, රෝගීන්ට සහ රෝහලේ කාර්ය මණ්ඩලයට පහසු වෛද්ය චැනල් අත්දැකීමක් ලබා දේ. LRH වෙත Samsung ජංගම දුරකථන 16ක් පරිත්යාග කළ John Keells Office Automation (Pvt) Ltd. (JKOA) විසින් ද මෙම මුලපිරීම සඳහා අනුග්රහය දක්වයි.

මෙම තාක්ෂණික පද්ධතිය  සමඟින්, ඕනෑම LRH සායනයක විශේෂඥ වෛද්යවරුන් සමඟ සෘජු හමුවීම් ලබා ගැනීමට රට පුරා සිටින රෝගීන්ට දැන් එහි ගාස්තු රහිත, ත්රෛභාෂා ක්ෂණික ඇමතුම් අංකය 1390 ඇමතීමට හැකිය. හමුවීමක් කාලසටහන් කළ පසු, රෝගියාට පැමිණීමට නියමිත සායනයේ නම, දිනය සහ වේලාව සහ හමුවීම් අංකය විස්තර කරමින් Doc990 වෙතින් SMS එකක් ලැබෙනු ඇත. තවත් වටිනාකමක් එකතු කරමින්, රෝගීන්ට හමුවීම් පිළිබඳ සිහිකැඳවීම් මෙන්ම ඔවුන්ගේ හමුවීම්වල යම් වෙනසක් සිදු වූ විට කෙටි පණිවුඩයක් හරහා දැනුම් දීමක් ද ලැබෙනු ඇත.වසරකට මිලියන 2 කට අධික හමුවීම් සඳහා පහසුකම් සලසමින්, Doc990 සේවාව දැනට ශ්රී ලංකාව පුරා පිහිටි පෞද්ගලික රෝහල් 140 කට අධික සංඛ්යාවකින් ලබා ගත හැකි අතර, ඕනෑම ජාලයකින් 990 ඇමතීමෙන්, www.doc.lk වෙත පිවිසීමෙන් හෝ Doc990 වෙත පිවිසීමෙන් රෝගීන්ට නිවසේ සිටම පහසුවෙන් වෛද්‍ය හමුවීම් ලබා ගැනීමට හැකි වේ. ජංගම යෙදුම Google Play Store සහ Apple App Store හරහා ලබාගැනීමට හැක

The Hon. Prime Minister Mahinda Rajapaksa inaugurating the official launch of 1390 toll-free, trilingual channelling hotline (from any mobile network) and Doc990 clinic management system at the Lady Ridgeway Hospital. Pictured from left to right: Dr. G. Wijesuriya – Director, Lady Ridgeway Hospital, Shiranthi Rajapaksa – Former First Lady, Hon. Pavithra Wanniarachchi – Minister of Health and Indigenous Medical Services, Supun Weerasinghe – Group Chief Executive, Dialog Axiata PLC
Share this post