V2020 අක්ෂි කඳවුර – මීගසර

‘Vision 2020’ යනු 2020 වන විට වළක්වා ගත හැකි අන්ධභාවය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) සහ අන්ධභාවය වැළැක්වීමේ ජාත්යන්තර නියෝජිතායතනයේ (IAPB) ගෝලීය මුලපිරීමකි. Dialog පදනම 2015 දී “V2020 මුලපිරීම” සඳහා අත්සන් තැබීය. අඩු ආදායම්ලාභී ප්රජාවන්ට අයත් පුද්ගලයන් පරීක්ෂා කර ඔවුන්ට අවශ්ය පරිදි සාදන ලද ඇස් කණ්ණාඩි නොමිලේ සැපයීම මෙමගින් කරන ලද ප්‍රමුඛතම කාර්යකි . මෙම මුලපිරීම සඳහා සෑම කලාපයකම ඩයලොග් ප්රාදේශීය විකුණුම් කණ්ඩායම් විසින් සහය දක්වන අතර ඩයලොග් පදනම විසින් සංවිධානය කරනු ලැබූ  අතර එහිදී සහතික ලත් අක්ෂි වෛද්යවරුන් කණ්ඩායමක් සවිස්තරාත්මක පරීක්ෂණ පවත්වයි, ඉන් අනතුරුව, ඩයලොග් කණ්ඩායම විසින් වෛද්‍ය නිර්දේශ  ලබා ගනු ලැබේ . මෙම නිර්දේශ මත පදනම්ව, විෂන් 2020 සමග සහයෝගීතාවෙන් කටයුතු කරන දෘෂ්ටි විශේෂඥයින් ඇස් කණ්ණාඩි සකස් කරන අතර, පසුව ඒවා වෙනම බෙදා හැරීමේ උත්සවයකදී ප්රතිලාභීන් අතර බෙදා හරිනු ලැබේ.

මෙහි  24 වැනි අක්ෂි කඳවුර ශ්රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්රික්කයේ මීගස්ආර ප්රදේශයේ පැවැත්විණි. අක්ෂි සායන සහ බාහිර සම්බන්ධතා සඳහා සීමිත ප්රවේශයක් ඇති එම ප්රදේශය අවට ප්රතිකාර පහසුකම් නොලබන අඩු ආදායම්ලාභී ගොවි ප්රජාවන් වෙත ළඟා වීමට අක්ෂි කඳවුර සඳහා ස්ථානය ලෙස මීගසර තෝරා ගන්නා ලදී. මෙම අක්ෂි කඳවුරුවලදී ඇසේ සුද සහ වෙනත් දරුණු අක්ෂි රෝග ඇති රෝගීන් හඳුනාගෙන ඔවුන් අසල පිහිටි මූලික රෝහල වෙත යොමු කරන ලදී. තවද, මෙවැනි ප්රදේශවල අක්ෂි ආබාධවල බරපතලකම හඳුනාගෙන නොමැති තත්වයක් දක්නට ඇත.

මීගස්ආර  අක්ෂි කඳවුර 2019 ජුලි මස 27 සහ 28 යන දෙදින තුළ මීගස්ආර කළුආරච්චි ගොඩනැගිල්ලේදී පවත්වන ලදී. මෙහිදී පරීක්ෂාවට ලක් කළ මුළු රෝගීන් සංඛ්යාව 902 ක් වූ අතර, ඉන් රෝගීන් 685 දෙනෙකුට අවශ්ය පරිදි සකස් කළ ඇස් කණ්නාඩි ලබාදී ඇති අතර රෝගීන් 102 දෙනෙකුට ඇසේ සුද ඇති බවට හඳුනාගෙන ඇත.

අක්ෂි කඳවුරේ පරීක්ෂණ ක්රියාවලිය පියවරෙන් පියවර සිදු කරන ලදී;

පියවර 01: ලියාපදිංචිය

රෝගියාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය සහ රෝගියාගේ දුරකථන අංකය වැනි මූලික තොරතුරු සටහන් කරමින් ඩයලොග් පදනමේ ස්වේච්ඡා සේවකයන් අක්ෂි කඳවුරේ දොරටුව අසලින් තොරතුරු ලබාගැනීම.

පියවර 02: දෘශ්ය තීව්රතා පරීක්ෂණය

සියලුම රෝගීන් ලියාපදිංචියෙන් පසුව ඇස් දෙකෙහි දෘශ්ය තීව්රතාවය මැනීමට අක්ෂි වෛද්යවරයා විසින් Snellen ගේ ප්රස්ථාරයක ආධාරයෙන් යොමු කරන ලදී. රෝගියා සහ ප්රස්ථාරය අතර මීටර් හයක දුරක් පවත්වා ගෙන යනු ලැබේ. පසුව රෝගියාගේ  දෘෂ්ය තීව්රතාවයේ ප්රමාණය වෛද්‍ය නිර්දේශ /බෙහෙත් වට්ටෝරුවෙහි සටහන් කර ඇත.

පියවර 03: විභාගය

දෘශ්ය තීව්රතා පරීක්ෂණය පැවැත්වීමෙන් පසු අක්ෂි වෛද්යවරයා විසින් එක් එක් රෝගියා සඳහා තනි තනිව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ. පසුව අක්ෂි වෛද්යවරයා නිගමනය කළේ අදාළ රෝගියාට ඇස් කණ්ණාඩි අවශ්යද නැද්ද යන්නයි. ඇසේ සුද ඇති රෝගීන් ද හඳුනාගෙන අසල ඇති මූලික රෝහල වෙත පැමිණීමට අදාළ උපදෙස් සහ මගපෙන්වීම් කරන ලදී.

පියවර 04: බෙහෙත් වට්ටෝරු/වෛද්‍ය නිර්දේශ  එකතු කිරීම

අවසාන පියවර ලෙස ඩයලොග් පදනමේ ස්වේච්ඡා සේවකයන් විසින් රෝගියාගේ ඇසේ තත්වයට  අනුකූලව සකස් කරන  කළ ඇස් කණ්ණාඩි සෑදීම සඳහා රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරු /වෛද්‍ය නිර්දේශ එකතු කරන ලදී.

රෝගීන් පරීක්ෂා කිරීමෙන් පසුව, ඇස් කණ්ණාඩි සකස් කිරීම සඳහා වෛද්‍ය නිර්දේශ V2020 හවුල්කාර දෘෂ්ටි විශේෂඥයින් වෙත යවන ලදී. සියලුම ඇස් කණ්ණාඩි සකස් කිරීමට මාස දෙකකට ආසන්න කාලයක් ගත විය. කණ්නාඩි සාදා අවසන් වූ වහාම බෙදා හැරීමේ උත්සවය සංවිධානය කරන ලදී. ඇස් කණ්නාඩි බෙදාදීම 2019 ඔක්තෝම්බර් මස 12 සහ 13 යන දෙදින තුළ මීගස්සර කළුආරච්චි ගොඩනැගිල්ලේදී පැවැත්විණි. තවද, ඇස් කණ්නාඩි ලබා ගත් පුද්ගලයින්ගේ රෝගීන්ගේ සාක්ෂි ද අක්ෂි කඳවුරේ ඵලදායී බව සනාථ කිරීම සඳහා සාක්ෂියක් ලෙස සටහන් කර ඇත.

Share this post