ඩයලොග් පදනමේ Rally to Care අරමුදල මගින් මඩකලපුවේ දරුවන් 66 කට දිගුකාලීන අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමේ
ඩයලොග් පදනමේ Rally to Care අරමුදල විසින්, මඩකලපුවේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 66 ගේ දිගුකාලීන අධ්‍යාපනයට සහාය වෙමින්, ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී.
ඩයලොග් පාරිභෝගිකයන්‚ (දේශීය මෙන්ම විදේශීය) තනි පුද්ගල දානපතියන්‚ ව්‍යාපාරික හවුල්කරුවන් සහ සමාගම්වල නිර්ලෝභී දායකත්වයෙන් පිහිටුවාගත් Rally to Care අරමුදල විසින්, 2019 දෙසැම්බර් 13 වෙනිදා පාසිකුඩා හි අමායා බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා හීදී, මෙම දරුවන් 66 දෙනාට ශිෂ්‍යත්ව ප්රදානය කෙරිණි. අධ්‍යාපනය හරහා දරුවන්ගේ ජීවිත සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ළඟා කරවීමේ අරමුණ හා, බලාපොරොත්තු සහ අවස්ථා සහිත දීප්තිමත් අනාගතයක් ඔවුන් ඉදිරියේ ඇති බවට සහතිකවෙමින් මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්.උදයකුමාර්, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, සර්වෝදය ආයතනයේ විධායක අධ්යක්ෂ චමින්ද රාජකරුණා, සියොන් දේවස්ථානය නියෝජනය කරමින් මිෂෙල් මහේසන් සහ තවත් පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම වැඩසටහන යටතේ දරුවන්ට වයස අවුරුදු 19 සම්පූර්ණවන තෙක් ශිෂ්‍යත්ව ලබාදෙයි. ඒ අනුව සෑම මාස හතරකට වරක්‚ මේ සඳහා වෙන්කර ඇති අරමුදලින් 60% ක් සිසුවාගේ ගිණුමටත්, 40% ක් භාරකරුගේ ගිණුමටත් එකවර යොමු කෙරේ.
මෙම ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන හා සමානව ඩයලොග් පදනමේ Rally to Care අරමුදල කොළඹ අගරදගුරු පදවිය සමඟ එක්ව, කටුවාපිටියේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 185 දෙනෙකු සඳහාත්, කොච්චිකඩේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 102 දෙනෙකු ඇතුළුව දරුවන් 287 දෙනෙකු සඳහා, “ශිල්ප දිරිය” නමින් දිගුකාලීන අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් 2019 දෙසැම්බර් 01 වෙනිදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී ආරම්භ කරන ලදී.
ඒ අනුව පාස්කු ඉරිදා සිදුවීම්වලින් විපතට පත් දරුවන් 353 දෙනෙකු සඳහා, පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙමින්, Rally to Care අරමුදල යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවිය.Rally to Care අරමුදල මගින් විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය බාහීර රෝගී සහය‚ බරපතල තුවාල ලත් අයට ඇවැසි සහය ලබාදීමෙන් නොනැවතී‚ දරුවන් හට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ විපතටපත් පවුල් සඳහා මනෝ සමාජීය පුනරුත්ථාපන සහය ලබාදීමට පියවරගෙන ඇති අතර, මේ කටයුතු සඳහා World Vision Lanka, සර්වෝදය, My Doctor, Vision Care සහ රත්මලාන Audiology Centre පාර්ශවකරුවන් ලෙස එක්ව සිටී.
Posted on December 31, 2019